StatisticalData

NWP Population Data

NWP Education Data

NWP Poverty Data

NWP Literacy Data

NWP Income Data

NWP Expenditure Data

NWP Housing Data

NWP Labour Force Data

National Account Data

 

more...

================

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday317
mod_vvisit_counterYesterday171
mod_vvisit_counterThis week1010
mod_vvisit_counterLast week1650
mod_vvisit_counterThis month6185
mod_vvisit_counterLast Month8611
mod_vvisit_counterTotal226617

Last Update: Apr 25, 2017

පළාත් සැලසුම් හා මෙහෙයුම් අංශය

===========

දැක්ම :- සෞභාග්‍යමත් වයඹ ජනතාවක්

 

මෙහෙවර - වයඹ පළාත තුළ තිරසාර සංවර්ධනය සඳහා සැලසුම් සම්පාදනය, ක්‍රියාත්මක කිරීම, මෙහෙයුම් කරණය හා සම්බන්ධීකරණය

==============

පළාත් සැළසුම් හා මෙහෙයුම් අංශය

අංශ ප්‍රධානී

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නව වන උපලේඛනයේ 1 වන ලැයිස්තුව ( පළාත් සභා ලැයිස්තුව) 2 වන ඡේදයට අනුව පළාත් වලට අදාල ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කිරීමේ වගකීම පළාත් සැලසුම් හා මෙහෙයුම් අංශයට හිමි වේ.

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) මගින් පාලනය වන අතර, එහි කාර්යයන් ඉටුකර ගැනීම සදහා සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) නිලධාරීන්ද, සංවර්ධන නිලධාරී, සංවර්ධන සහකාර , වැඩසටහන් සහකාර , කළමනාකරණ සහකාර කාර්යාල කාර්ය සහායක හා රියදුරු යන තනතුරු වල නිලධාරීන්ද සේවය කරනු ලබයි.

කේ.ඒ.නන්දසිරි මහතා

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්)

වයඹ පළාත සභා කාර්යාල සංකීර්ණය, කරුණෑගල.

දුරකතන අංකය : 0372231767

ඊමේල් ලිපිනය : This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

 

ඩී.එම්.සී.කේ. දිසානායක

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

 

කේ.ජී.වී.එස්. අමරසිංහ ; සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

 

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

 

: එ.ටී.අයි. දයානන්ද ; සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

 

 

පළාත් සැළසුම් හා මෙහෙයුම් අංශයේ කාර්යභාරය

·ජාතික ප්‍රතිපත්ති හා සමගාමීව වයඹ පළාතේ සංවර්ධන විභවතාවයන් හඳුනාගෙන මධ්‍යකාලීන හා දිගුකාලීන සැලසුම් පිළියෙල කිරීම.

  • පළාතට යෝග්‍ය නව විශේෂ ව්‍යාපෘති හඳුනාගැනීම, ව්‍යාපෘති වාර්තා පිළියෙල කිරීම හා අදාළ දේශීය හා විදේශීය ආයතන වලට යොමු කිරීම.
  • · පළාතේ ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමට ඉවහල් වන සංවර්ධන සැලසුම්, ප්‍රතිඵල පාදක කළමනාකරණ රාමුවක් තුළ පිළියෙල කිරීම, කෙටි කාලීන හා දිගු කාලීන බලපෑම් විශ්ලේෂණය කර අවශ්‍ය ඉලක්ක ළඟා කර ගැනීම සඳහා මෙහෙයවීම සහ ඇගයීම.

    · වාර්ෂික මුදල් ප්‍රකාශය පදනම් කර ගනිමින්, වාර්ෂිකව ක්‍රියාත්මක කරන පළාත් ආයෝජන වැඩසටහනේ ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කිරීම, අපේක්ෂිත ඉලක්ක ළඟා කර ගැනීම සඳහා මෙහෙයවීම හා ඇගයීම.

    · සැලසුම්කරණය සඳහා අවශ්‍ය දත්ත හා තොරතුරු ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා පළාත් මට්ටමෙන් රැස්කිරීම, විශ්ලේෂණය කිරීම, පවත්වාගෙන යාම සහ යාවත්කාලීන කිරීම සහ අවශ්‍ය පරිදි සමීක්ෂණ හා පර්යේෂණ සිදු කිරීම තුළින් පළාතේ දත්ත හා තොරතුරු සම්පාදනය කොට ජාතික සැලසුම් සඳහා යොමු කිරීම.

    · වයඹ පළාත තුළ ප්‍රාදේශීය අසමතුලිතතාවයන් අවම කොට තුළිත සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා යෝග්‍ය නව විශේෂ ව්‍යාපෘති හඳුනාගැනීම, ව්‍යාපෘති වාර්තා පිළියෙල කිරීම, අදාළ දේශීය හා විදේශීය ආයතන වලට යොමු කිරීම, සම්බන්ධීකරණය හා ඇගයීම.

    · පළාත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන සමඟ සම්බන්ධීකරණය පවත්වා ගැනීම තුළින් සැලසුම්කරණය හා මෙහෙයුම්කරණය ශක්තිමත් කිරීම.

    · සැලසුම්කරණවලට අදාළව මුදල් කොමිෂන් සභාව, ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, අනෙකුත් පළාත් සභාවල සැලසුම් දෙපාර්තමේන්තු, රජයේ විවිධ ආයතන, රාජ්‍ය නොවන ආයතන අතර සම්බන්ධීකරණය පවත්වා ගැනීම.

    ·ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීමේ දී දේශපාලන නායකත්වයට, අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම ලබාදීම.

    · මුදල් කොමිෂන් සභාව සමඟ සංවර්ධන ව්‍යාපෘති හා වැඩසටහන් පිළිබඳව සම්බන්ධීකරණය.

     

    Facebook Like